නාමල් දුවයි.. නල්ල පයිත්තියම්.. පයිත්තියම් ඩොක්ටර්

LIVE

මන්ත්‍රී නාමල් රාජපක්ෂ විනාඩි 7ක්, 8ක් කතා කිරීමෙන් අනතුරුව පිටව යන බවත් එය දැන් පුරුද්දක් කරගෙන තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිටව යන අවස්තාවේදි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ,

දැන් කිවුවනේ, ගියාට පස්සේ කියන්න එපා කියලා. ඉතින් වාඩිවෙලා ඉන්න. වාඩිවෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. එනවා. විනාඩි 7ක්, 8ක් කතා කරනවා. ඊට පස්සේ දුවනවා.

ඉතිං අපි කතා කරනකම් ඉන්නේ නෑ. ඔයා කහින්නේ නැතුව ඉන්නකෝ හරිද. නල්ල පයිත්තියම්. නල්ල පයිත්තියම්. පයිත්තියම් ඩොක්ටර්. විශේෂයෙන්ම අද මේ කාරණේ. අපි දැක්කා විපක්ෂයේ.

අද දවසේ වැදගත්ම සාකච්ඡාව තමයි ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා ළමා ශ්‍රමය යොදවා ගන්න අයට එරෙහිව මෙතෙක් පැවති දස දහසේ දඩය ලක්ෂය දක්වා වැඩි කරන එක.”

0 Comments
Most Voted
Newest Oldest