LIVE
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
ඒ අනුව ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.
රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම මේ වනවිට හඳුන්වා දී ඇත.
