Advertisements
Advertisements

යතුරුපැදි ඇතුළු වාහන සොරකම්.. ජනතාවට විශේෂ දැනුම්දීමක්

LIVE

මෝටර් රථ සහ යතුරුපැදිය නවත්වා තැබීමෙන් පසුව එය අපරාධකරුවන් විසින් සොරා ගැනීම් පිළිබඳව මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම රථවාහන හෝ යතුරුපැදි තුළ තිබෙන වටිනා ලියකියවිලි මෙන්ම වටිනා භාණ්ඩද අන්සතු වීම් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල ත්‍රීවිල් රථ රියදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් එංජිම පණ ගන්වා තිබියදීම සහ යතුරුපැදියේ මෙන්ම ත්‍රිරෝද රථයේ යතුරු එහිම තබා යාම තුළින් අපරාධකරුවන් එම වාහන සොරා ගන්නා බවට මේ වනවිට පොලීසියට නිරීක්ෂණය වූ බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

තවද, සිය වාහනය, යතුරුපැදිය මෙන්ම ත්‍රිරෝද රථය නිවසේ එළිමහනේ තබා තිබීමත් නිවසේ ගෙවත්තේ ඇති ගේට්ටු අගුල් නොදමා තිබියදී එම යතුරුපැදි හෝ රථවාහන සොරාගෙන යෑම් පිළිබඳවද පොලීසිය වෙත කරුණු වාර්තා වී ඇති බවද සඳහන් කරයි.

ජනාකීර්ණ ස්ථානයක රථ වාහනය නතර කර තබන්නේ නම් එම ස්ථානය වටා සිටින ආරක්ෂක නිලධාරියෙකු සමග, සාප්පු සංකීර්ණයක වාහනය නතර කර තිබෙනවා නම් ඊට අදාළ ආරක්ෂක නිලධාරියා හෝ සාප්පු සංකීර්ණයේ රාජකාරි කරන සේවකයෙකුට ඒ බව දැනුම්දෙන ලෙසද සඳහන් කරයි.

තවද රාත්‍රී කාලයේදී අඳුරු ස්ථානයක හෝ හුදෙකලා ස්ථානයක යතුරුපැදියක් හෝ තමන්ගේ වාහනය නවත්වා ඇත්නම් එය අපරාධකරුවෙකුට අපරාධයක් සිදු කිරීම සඳහා පිටුවහලක් වන බැවින් ඒ පිළිබඳවද කල්පනාකාරීව සිටිය යුතු බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

සිය වාහනයක් සොරකමකට ලක්වූයේ නම් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119/118 හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයකට, ළඟම පොලිස් නිලධාරියෙකුට මේ බව කඩිනමින් දැනුවත් කරන ලෙසද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ඊයෙ (21) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest