LIVE
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර වෙත ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කඳවුරේ රැඳී සිටින අමෙරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා ඉලක්ක කරමින් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.
පසුගියදා ලාරක් දූපතේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සහ ඉරාන සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති අතර එම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී ඇත.
