කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න බවත් එහි වටිනාකම රුපියල් කෝටි 800කට අධික වනු ඇති බව පොලීසිය සඳහන් කරයි.
අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් ඒකාබද්ධ වී විශේෂ වැටලීමක් සිදුකර ඇත.
එම වැටලීමේදි සැකසහිත බහාලුම් දෙකක් රේගුවේ උපකාරය මත විවෘත කර පරීක්ෂා කර ඇති අතර එහිදී කිලෝග්‍රෑම් 463කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
අදාළ බහාලුම තුළ තිබූ තුවා තුළ සූක්ෂම ලෙස සඟවා පකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කරයි.
