අයියා ඇතුලේ ඉද්දි මල්ලී ඉල්ලා අස්කර ගනී

LIVE

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබුණේය.

ඒ අනුව තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ගොනුකර තිබූ අභියාචනා පෙත්සම අද (07) දින ඉල්ලා අස්කරගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ මතු කිරීමේ අයිතිය රඳවා ගනිමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest