LIVE
මේ වනවිට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (08) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවීමට කටයුතු කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.
තවද, ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (08) දින පාර්ලිමේන්තුවට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පසුගියදා සඳහන් කළේය.
