LIVE
ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” ගෙන් ප්‍රශ්න කර ඇත.
සිදුකළ එම ප්‍රශ්න කිරීම්වලදී හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක ගිනිඅවි කිහිපයක් සඟවා තිබෙන බවට ප්‍රකාශ කර ඇත.
එම තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි කිහිපක් සොයාගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන්
එම ස්ථානයේ තිබී T-56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයාගත් බවද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
