බලාපොරොත්තු ඉටු වූ නාමල්ගේ මුහුණට හිනාවක්.. දැන් සූදානම්

LIVE

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ලබාගත් බවට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගියදා නියෝග කළේය.

ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන (11) වැනිදා දක්වා රැස්වීමට නියමිත බැවින් නාමල් රාජපක්ෂ හෙට (08) දින බොහෝ දුරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිත අතර ඔහුට ඒ සඳහා විපක්ෂයෙන් ⁣වැඩි වේලාවක් ලබාදීමට නියමත බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
📰 Free News Subscription?