අද (08) දින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිත අතර ඔහු අද සිට ලබන (10) වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.
මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේදී සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.
