විශ්‍රාමික යුද සෙබළා පැහැරගෙන ගොස් ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

LIVE

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධය පසුගිය 2018.09.09 දින සිදුව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණේය.

එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවශ්‍ය කර සිටි සැකකාරිය වන ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳව ඊයේ (07) දින කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 49ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?