අනුරාධපුරයටත් අධිවේගී මාර්ගයක්

LIVE

මෙම 2026 වසර තුළ අධිවේග මර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිත බවත් කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු වසර අග ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද සඳහන් කරයි.

කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ලබන 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?