ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධව සිදුකරන විමර්ශනයක් සඳහා පසුගිය (04) වැනිදා ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය.
එදින අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු සැප්තැම්බර් (18) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
අනතුරුව (18) දින ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධ නඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (29) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මේ අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (23) වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) වැනිදා නියෝග කළේය.
ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකට සඳහා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට විභාග වෙමින් පවතින නඩු 02ක වන්නේ,
1.ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2020 වසරේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව,
2.ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා පැවරු නඩුව,
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන (29) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය
