මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න

LIVE

රට තුළ හිට්ලර් පාලනයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

22ට විපක්ෂව පළවෙනි දවසේ ඉදන් කරපු සියලුම ක්‍රියාකාරකම් මේ පොතේ තියෙනවා. ඒක අපි ඔබට ලබාදීලා තිබෙනවා. ඒ තුළ අපි පැහැදිළි අවබෝධයක් ජනතාව තුළ ඇති කරන්නට ඕන.

මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න. මේ යන්නේ පොල් පොට් පාලනයක් ක්‍රියාත්මක කරන්න. අංශු මාත්‍රයකවත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නෑ. තියෙන ඉඩත් හැම වෙලාවේම අහුරනවා.

හොදට අවබෝධ කරගන්න, මුළු රාජ්‍යයම තනි පක්ෂයක් යටතට ගෙන ඒම වන් පාටි ස්ටේට් එකක් රට පාලනය කරන, වන් පාට් ස්ටේට් එකක වන් පාටියකට රාජ්‍යත්වය වහල්කරන, ලක්ෂ 220 වහල්කරන.”

2 Comments
Most Voted
Newest Oldest