සුරේෂ් සලේ තවදුරටත් දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද ලබා දෙන්නේ නැතිනම් එය කර ගැනීමට වෙනත් අවස්ථා තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධාර අනුබල හා කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත රැඳවුම් නියෝග ලැබ ජාතික රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධ නඩුව (22) දින කැඳවු අවස්තාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.
අධිකරණයේදි සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,
“සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දින දෙකෙන් දෙකට මුරපද මාරු කරනවා. එම නිසා සතියකට පෙර මුරපද මතකයේ නොරැදෙන බවත් ඔහු කීවා. එමෙන්ම මාස ගාණනාවකට පෙර තිබූ මුර පද කෙසේවත් මතක නැති බවත් සඳහන් කළා. මේ වෙද්දී මුරපද මතකයේ රැදී නොතිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.”
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද ගැන විමසුවා. මුලින් ඔහු ලැප්ටොප් පරිගණකය දියණියගේ බව පවසා, පසුව මුරපද ලබා නොදී මගහැරීම දිගින් දිගටම කරගෙන ගියා ස්වාමීනි.
ස්වාමීනි., ඒ අවස්ථාවේදී හිටපු නිලධාරියාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඒ ලැප්ටොප් එක අපි ඒ අවස්ථාවේදී අපේ භාරයට ගත්තා. නැත්නම් ඔහු හැදුවේ එතනත් වංගුවක් ගහලා මාරු වෙන්න. ඔහු මුර පදය දෙන්නේ නැතිනම් ඒක කර ගැනීමට අපිට අවස්ථා තියෙනවා.”
අනතුරුව ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අතර සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කළේය.
