විවිධ පාර්ශව සහ පුද්ගලයින් කුමන කතා පැතිරවුවද, ආණ්ඩු පක්ෂයේ 158 දෙනාගේ සාමූහික ශක්තිය සහ එකමුතුකම ඡන්ද විමසීමේදී පැහැදිලිව දැකගත හැකි බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
පස්වරු 7.00 පමණ වනවිට රටේ පරිවර්තනය කිරීම සඳහා වූ ආණ්ඩුවේ සාමූහික ශක්තිය සහ ස්ථාවරත්වය පාර්ලිමේන්තුව හමුවේ යළිත් වරක් ප්රදර්ශනය කරන බවද අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“හවස 7.00 වෙනකොට අපිට බලන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මොකක්ද කියලා. මේ 158 දෙනාගේ සාමුහිකත්වය බලන්න පුළුවන්. විවිධ කතා යනවනේ. හැබැයි අපිට මෙතන තියෙන්නේ 158 දෙනෙක්ගේ සාමුහික අරමුණක්.
ඒ සාමුහික අරමුණ අබමල් රේනුවකින් හෙලවිලා නෑ. ඒ සාමුහිකත්වය අබමල් රේනුවකින් හෙලවිලා නෑ. එනිසා හවස 7.00ට අපිට බලාගන්න පුළුවන් නැවත වතාවක් මේ රටේ, පරිවර්තනය කිරීම සඳහා ඒ සාමුහිකත්වය මැදිහත්වෙන විදිහ බලාගන්න පුළුවන්.”
