උතුරෙන් ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5යි

LIVE

අද (27) දින අලුයම නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5ක් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.

නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමේදී සොයාගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මේ බව සඳහන් කරයි.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු ප්‍රමාණය කිලෝ 81කට ආසන්න බවත් ඒ තුළ හෙරොයින් කිලෝ 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් බවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම 2026 වසරේ මේ දක්වා කාලය තුළ සිදුකරන ලද මෙහෙයුම්වලින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයන් හී වටිනාකම රුපියල් බිලියන 56ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය 2025 වසරේදී නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ගේ වටිනාකම රුපියල් බිලියන 75ක් පමණ වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest