දරුවන්ට රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක්

LIVE

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වත්මන් රජය උපරිම දායකත්වයකින් සහ කැපවීමකින් කටයුතු කරමින් සිටින බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කරයි.

ශක්තිමත් දායකත්වයක් සපයන ජනාධිපති අරමුදල ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවත් මේ වසරේ එම වැඩසටහන් තවදුරටත් පුළුල් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කරයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ,

“රටේ අනාගත පරපුර කියන්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රටේ ජීවනාලියයි. එහිදී අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා වත්මන් රජය උපරිම දායකත්වයක් සහ කැපකිරීමක් සිදු කරමින් සිටිනවා. එම ගමනට දායක වීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ඉතා වෙහෙසකර සහ අධිෂ්ඨානශීලී පියවර රැසක් මේ වනවිට ගෙන තිබෙනවා.

ජනාධිපති අරමුදල විසින් 2023 සහ 2024 වසරවල අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් 01 වෙනි ස්ථානයෙන් සිට 10 වෙනි ස්ථානය දක්වා ලබාගත් සියලු සිසුන්ට, ඒ අනුව සිසුන් 2960කට රුපියල් මිලියන 296ක ශිෂත්ව ප්‍රදානය කළා. මේ වසරේ ඔබ තවත් වාසනාවන්ත වී තිබෙනවා.

මොකද ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා සෑම විෂය ධාරාවකින්ම 1 සිට 10 දක්වා පමණක් නෙවෙයි, 1 සිට 20 දක්වා ඉන්න සියලුම දරුවන්ට මේ රුපියල් ලක්ෂයක මූල්‍යාධාරය ලබාදීමට. ඒ අනුව මේ වසර සඳහා පමණක් රුපියල් මිලියන 280 ක මුදලක් අපි වෙන් කර තිබෙනවා. ජනාධිපති අරමුදල මේ සෑම පියවරක්ම ගන්නේ ආර්ථික දුෂ්කරතා තිබෙන දරුවන්ට සහනයක් ලබා දීමටයි.”

0 Comments
Most Voted
Newest Oldest