තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගන්න කියයි

LIVE

මුදල් වංචාවකට චෝදනා එල්ල වී සිටින ‘ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) වරෙන්තු නිකුත් කළේය.

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණද, ඔවුන් දෙදෙනා සැකකාරියට පනවා තිබූ වෙනත් නඩුවක ඇපකරුවන් බවත් අදාළ නඩුවේ ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බවත් තහවුරු වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

තිළිණි ප්‍රියමාලි ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු අද (30) දින කැඳවූ අවස්ථාවේදී තවත් සැකකරුවන් කිහිපදෙනෙකුම අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest