සිරිලිය රට පැනලා විනෝද වෙනවා.. බැසිල් ලංකාවට එන්න බයවෙලා

LIVE

මේ රට මෑත කාලීන ඇතිවෙච්ච බරපතල ආර්ථික බංකොළොත් වීම පිටිපස්සේ රාජපක්ෂ පවුල් සමාගම ඇතුළු නඩය සිටින බව ජන බලය සාමූහිකයේ ක්‍රියාකාරී කමිටු සාමාජික විදර්ශන කන්නන්ගර සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් කමිටු සාමාජික විදර්ශන කන්නන්ගර සඳහන් කළේ,

“රාජපක්ෂ පවුල කොයිතරම් දූෂිත පවුලක්ද. කොයිතරම් මේ රටේ මහජන ධනය කොල්ල කාලා තියෙනවාද කියන එක සාක්ෂි සහිතව, ඒ කියන්නේ ලංකාවේ පමණක් නෙමෙයි.

විදේශ රාජතාන්ත්‍රික මට්ටමින් පවා, විදේශ සමාගම් මට්ටමින් පවා හෙළිදරව් වෙලා තියෙනවා. එනිසා මේක නිශ්චිතවම මේ ආණ්ඩුවට රාජපක්ෂ පවුල් සමාගම එක්ක තියෙන වෛරයක් හරි, පළිගැනීමක් හරි නෙමෙයි.

ඊට ඔබ්බෙන් ගිය සැබෑ සාක්ෂි මත පදනම් වෙලා යන නීතිමය ක්‍රියාවලියක් කියන එක ඉතාම හොදින් පැහැදිලි වෙලා තියෙනවා. ඒක අපි දක්කා සිරිලිය දැන් ලංකාවෙන් පැනලා ෂොපින් ගිහින් ඉන්නවා. ඉතාම විනෝද කාලයක් ගත කරමින් ඉන්නවා.

බැසිල් රාජපක්ෂ බාප්පා ලංකාවට එන්න බයවෙලා තියෙනවා. ඒ එක්කම චමල් රාජපක්ෂගේ බාල පුතාට වරෙන්තු තියෙනවා. මේක දූෂිත හොර පවුල් ගහක්. මේ හොර පවුල් ගහ මේ රටේ දශක දෙකකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ධනය, මහජන දේපල කොල්ලකාලා තියෙනවා.

මේ රට බංකොළොත් වීම⁣ට, මේ රට ආර්ථික වශයෙන් මෑත කාලීන ඇතිවෙච්ච බරපතල බංකොළොත් වීම පිටිපස්සේ රාජපක්ෂ පවුල් සමාගම ඇතුළු නඩය මුළුමනින්ම ඇති කරපු මේ දූෂණ වංචා එකතු වෙලා තියෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest