ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගිය සැප්තැම්බර් (29) වැනිදා වරෙන්තුවක් නිකුත් කළේය.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්රියාත්මක කරන ලෙස නියෝගයේ සඳහන් වු අතර ඔක්තෝබර් මස (01) වනදා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝගයේ සඳහන් කළේය.
අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය (30) වනදා වරෙන්තුවක් නිකුත් කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ අංක 9 අධිකරණය මඟින් එම වරෙන්තුව නිකුත් කළේය.
කෙසේ වෙතත් නැවතත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (01) දින විවෘත වරෙන්තු නිකුත් කළේය.
ඊට අමතරව ඥානසාර හිමි විදේශගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කළේය.
ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්රියාත්මක විය යුතු බවත් අධිකරණය නියෝග කළේය.
නඩු දිනයට අධිකරණයට පැමිණෙන්නේ නැතිව, වරෙන්තු පිට වරෙන්තු නිකුත් කර තිබෙන අවස්තාවකත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණය මගහරිමින් මේ වනවිට සැගවී සිටියි.

