LIVE
අද (12) දින සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ගුවන්තොටුපොළේ සිව්වන පර්යන්තය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ බවත් ඒ හේතුවෙන් ගින්නක් හටගත් බව සෞදි බලධාරීන් සඳහන් කරයි.
මේ අතර ඊයේ (11) දිනයේදී ද මෙම ගුවන්තොටුපොළ වෙත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
ටෙහෙරානය විසින් යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමක් ඉදිරිපත් කර ඇති අතර එහි කොන්දේසි හතෙන් සමහරක් එක්සත් ජනපදය විසින් පිළිගෙන ඇති බව ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සන් රෙසායි පවසන නමුත්, එම ප්‍රතිචාරය “ප්‍රමාණවත් නොවන” බව ඔහු සඳහන් කරයි.

