අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ පෙත්සම

LIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද (12) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවයි.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස (16) වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest