LIVE
මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අද (12) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය (06) වනදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් අද (12) දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය.
ඒ අනුව රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඔක්තෝබර් (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්තේය.

