අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි

සෞදි අරාබියේ සිටින අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙය තහවුරු කරයි.

ඊයේ (13) දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest