2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව එම පුරෝකථනය කර ඇති අතර මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4 ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්‍ය අරමුදලේ මෙම නවතම වාර්තාව අනාවරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2026 වසරේදී සියයට 3.1 කින් සහ 2027 වසරේදී සියයට 3.4 කින් ගෝලීය ආර්ථිකය වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
තවද, ගෝලීය මූලික උද්ධමනය මෙම වසරේදී සියයට 4.7 දක්වා ඉහළ ගොස් 2027 වනවිට සියයට 4.1 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂිත බවද මූල්‍ය අරමුදල සඳහන් කරයි.

