ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක ප්‍රමාණයක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s OQ Trading Limited වෙත 2027-01-01 වන දින සිට මාස 12ක කාලයක් සඳහා, එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව (අවම වශයෙන් මෙට්‍රික්ටොන් 336,000ක සහතික කළ ප්‍රමාණයක් සහිතව) සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිල + මෙට්‍රික්ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93ක මුළු වටිනාකමකට (රක්ෂණය, ගැල්කුලී සහිත (CIF) මිලකට) ප්රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

