එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (13) දින කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන (27) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

