දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පෞද්ගලික අංශ විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම සහ අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පෞද්ගලික ඉන්ධන හල් පමණක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ස්ථානවල අදාළ විවෘත කිරීම් සිදු කිරීම කඩිනම් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපි CPC ආයතනය ශක්තිමත් කරනවා. අපි නැවත පෙට්‍රල් ෂෙඩ් 75ක්, දැනට අධ්‍යනය කර හදුනාගෙන තිබෙනවා පෙට්‍රල් ෂෙඩ් 75ක් අලුතින් ආරම්භ කරන්න. අර ප්‍රයිවට් ආයතන තිබෙන තැන්වල, මොකද කොයි වෙලාවේත් මේ අනතුර අපිට තියෙනවා.
හෙට ඒගොල්ලෝ බෙදාහරින්නේ නෑ කිවුවොත් අපි මොකද කරන්නේ. ඔවුන් මත විතරයි සමහර කලාප වල තෙල් සැපයුම තියෙන්නේ. සාධාරණ නෑනේ. එනිසා අපි ස්ථාන 75ක් තෝරාගෙන අලුතින් පෙට්‍රල් ෂෙඩ් ආරම්භ කරනවා. CPC ආයතනය.
මොකද මේ බලශක්ති කේෂ්ත්‍රයේ අවිනිශ්චිත භාවයකට, අවධානමකට ලක් කරන්න කාටවත් අයිතියක් නෑ. මේක අපේ රටේ සමාජ ජීවිතයෙත්, ආර්ථික ජීවිතයෙත් ප්‍රධාන පැවැත්ම. ඒක කොහොමද සමාගමක් තීරණය කරන්නේ මම බෙදාහරින්නේ නෑ කියලා. එහෙම සමාගම් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා.”
ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

