තාත්තයි, අම්මයි දෙන්නම රෝහලේ.. පවුලේ වැඩිමහල් පුත්‍රයා නාමල් ඇතුලේ

අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන දෙකටම අදාළ ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනුකර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව කැඳවීමට අගවිනිසුරුවරයාගෙන් විමසීමට කටයුතු කරන බවයි.

නඩුව කැඳවු අවස්තාවේදි නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඇප ඉල්ලීමක් කළේය.

“ස්වාමීනි., පැමිණිල්ල මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අද ප්‍රකාශ කරනවා. ඒ වගේම පැමිණිල්ල දැන් අධිචෝදනා ගොනු කරන්න සූදානම් බවත් කියනවා. එය සැකකරුට ඇප ලබාදීමට සුවිශේෂී කරුණක් ලෙස සලකා බලන්න පුළුවන්.

තවද සැකකරුගේ මවයි, පියයි දෙන්නම දැන් රෝහල් ගත කරලා ඉන්නේ. පියා පුද්ගලික රෝහලකත්, මව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියලා මා හට දැන ගැනිමට ලැබුණා.

මවට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට තිබෙන බවද මට දැන ගැනීමට ලැබුණා. මොහු මේ පවුලේ වැඩිමහල් පුත්‍රයා. මේ වගේ අවස්ථාවක එයද සුවිශේෂි කරුණක් ලෙස සලකා සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන (27) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest