හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිවෙන මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ප්රධාන ඉලක්ක බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ඉදිරියේදී යළිත් යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ඉරානය ප්රතික්ෂේප නොකරන බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙරට වඩා දැඩි ප්රතිචාරයක් දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙක් සඳහන් කරයි.
“අපි යුද්ධයක් ඇතිවීමේ හැකියාව බැහැර කරන්නේ නැහැ. මෙවර අපගේ ප්රතිචාරය වඩාත් දැඩි වනු ඇති. එක්සත් ජනපදයට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති අතර, ලෝකය ද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇත.”
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ප්රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බවත්, ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා ඒවා වැදගත් බවත් එම කේබල් ඉලක්ක කරගැනීමේ හැකියාව පිළිබඳව ප්රතිවාදී පාර්ශ්වයට සිහිපත් කරන බවද ඔහු සඳහන් කරයි.
