ඉන්ධන මිල ගණන් අද සිට ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු මිල සූත්රය අනුව 04%ක ප්රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.
