සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මං මාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව අද (02) කැඳවයි.
මෙම නඩුකරය අද (02) කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය දෙසැම්බර් මස (07) වනදා කැඳවන ලෙස නියම කළේය.
මෙහි සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය නම් කර ඇත.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සීට් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
