මහින්ද රාජපක්ෂ රඟහල.. හිටපු අමාත්‍යාංශ ලේකම් අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික සමාගමකින් ඒවා මිලදී නොගෙන වෙනත් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමට කටයුතු සැලැස්වීම මඟින් මෙම වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එමඟින් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුකර බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් ලබාදීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel