ආනයනික සහල් වර්ග දෙකකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරයි

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩ වලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel