පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්ත්වයක්

පොල්දූව මංසන්ධියේ ඇරඹි ජන අරගල විරෝධතා පාගමන මේ වනවිට පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව ආසන්නයටම ගමන් කර ඇත.

විරෝධතාවයේ නිරත පිරිසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාදී ඇති අතර එහෙත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර ඇත.

රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel