ට්‍රම්ප් මර්දනයට ඩිමොක්‍රටික් සූදානම්.. ජනපති ධූරය අහිමි වෙයි.?

මැතිවරණ රැළිවලදී තමන්ට ලැබුණු ජනතා ආදරය, ඡන්ද විමසීමේදී ලැබී නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඩිමොක්‍රටික් පක්ෂය මධ්‍යවාර මැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් (04) දින වාර්තා කිරීමෙන් පසුව පළමු වරට මාධ්‍ය ඉදිරියේ සජීවීව පෙනී සිටිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අමෙරිකාවේ මන්ත්‍රී මණ්ඩල දෙකම ඩිමොක්‍රටික් පක්ෂ⁣යේ පාලනයට නතුවන පසුබිමකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණ දෙන පළමු අවස්ථාව මෙයයි.

ඩිමොක්‍රටික් පක්ෂයට කොන්ග්‍රසයේ බලය හිමිවන පසුබිමක තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ඇතැයි, ඔහු කණස්සල්ලට පත්ව සිටීදැයි මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් විමසා සිටියේය.

අනතුරුව ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, එවැනි දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඩිමොක්‍රටික් පක්ෂය විනාශ වනු ඇති බවයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ යෝජනා තමන්ට නිශේධ බලය යොදා අවහිර කළ හැකි බවත් අමෙරිකාව දැන් එරට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සාර්ථක තත්ත්වයක පවතින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය හමුවේ, අමෙරිකානු ධවල මන්දිරයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා තවදුරටත් අමෙරිකාවේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව සිහිගන්වමින් සටහන් නිකුත් කිරීමට සිදුවීමත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දැනට පුරෝකථනය කර ඇති ප්‍රතිඵල වලට අනුව ආසන 435න් ආසන 237ක බලය ඩිමොක්‍රටික් පක්ෂයටත්, ආසන 139ක් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටත් හිමිව ඇත.

මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්‍රීස් (Hakeem Jeffries) ජීවන වියදම පහළ දැමීම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, තමා ඇතුළු පිරිස වැඩ කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් නොව අමෙරිකානු ජනතාව වෙනුවෙන් බවයි.

මන්ත්‍රී මණ්ඩලයේ පළමු කළු ජාතික කථානායකවරයා බවට පත්වීමට නියමිතව ඇත්තේ, ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්‍රීස් (Hakeem Jeffries) වේ.

2027 ජනවාරි මාසයේ රැස්වන කොන්ග්‍රසයේ කාන්තා සභිකයින් 150ක් පමණ දිවුරුම් දීමට නියමිතව ඇති බව විශ්ලේෂකයින් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel