කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා “QR” කේත පද්ධතියක් හඳුන්වාදීමට එම සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක කර ඇති බවත් එය කොළඹ 01 සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කළාය.
මෙම බල ප්‍රදේශයේ ඇති සෑම අවන්හලකම අදාළ “QR” කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා අතර එම පද්ධතිය ස්කෑන් කර එහි ඇති පෝරමය පුරවා පැමිණිලි කළ හැකි අතර එය ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වෙත ලැබෙනු ඇත.
අනතුරුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇති බවත් එහිදී පැමිණිලිකරුගේ අනන්‍යතාව ආරක්ෂාව අනාවරණ නොවන බවත් පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත් බිලද සුරක්ෂිතව තබා ගන්නා ලෙසද කොළඹ මහ නගර සභාව දැනුම් දෙයි.
