ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුකරය (06) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අදාළව සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී විමර්ශනවල ප්‍රගතිය ලබන (20) වනදා වාර්තා කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියම කළේය.
අනතුරුව විමර්ශන වලට භාජනය වී තිබෙන ලේඛනයක අන්තර්ගත වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අත්අකුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ සඳහන් කළාය.
එම විමර්ශනය කිරීම සඳහා අදාළ ලේඛනයේ මුල් වාර්තාව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බවද එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ සඳහන් කළාය.
එම මුල් ලේඛනය කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ පවතින නඩු ගොනුවක පවතින අතර එම ලේඛනය ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන ලෙසද අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව එම ඉල්ලීම අද දින ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ අන්තර්ගත වී නොමැති බවත් අදාළ ඉල්ලීම ලේඛන සහිතව ඉදිරි දිනයක ඉදිරිපත් කර අදාළ ඉල්ලීම තහවුරු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේය.
ක්‍රිෂ් ගනුදෙනුවේ සැකකාරියක වන එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන (20) දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එදිනට තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
