ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් ‘CCC+/C’ මට්ටමේ පැවති ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර ඉදිරි දැක්ම ස්ථාවර (Stable) ලෙස නම් කර ඇත.
අද (27) දින නිකුත් කළ මෙම නව ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ජාත්‍යන්තර ඇගයීමේ වෙනසක් සනිටුහන් කරයි.
