ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මෙම මතභේදාත්මක නීති කෙටුම්පත අවලංගු කරන අතර රට තුළ සංවිධානාත්මක අපරාධ ඵලදායී ලෙස සටන් කිරීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිමත් නීති රාමුවක් රජය ඒ සමග සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
අද (25) දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
