අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අඩවි වන නිලධාරී කාර්යාල කිහිපයක නිලධාරීන්ගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇත.
ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විමර්ශනයට දායක කරගත හැකි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වනජීවි නිලධාරීන් සහ ප්රදේශවාසින් ඇතුළු පිරිසකගෙන් ලබාගත් තොරතුරු මත කාවන්තිස්ස ආතාගේ ගමන් මග මේ වනවිට සිතියම්ගත කර ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව ලබන (17) වැනිදාට පෙර ලබාදෙන ලෙස පොලිස්පති නීතීඥ ප්රියන්ත වීරසූරිය නියෝග කර ඇත.
පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව නිරීක්ෂණ සහ නිර්දේශ සහිත වාර්තාවක් ලබාදෙන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඉහළ ශ්රේණියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන ක්රියාත්මක කළ යුතු බවද නියෝගයේ සඳහන් වේ.
