Unusuma Media

19 Posts
යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය. 

නඩුව කැඳවු අවස්තාවේදි විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

අනතුරුව යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන නඩුව ජූලි මස (16) වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු යුද හමුදාවේ Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රහාර ඉරානය වෙත අනතුරු ඇඟවීමක් ලෙස සිදු කරන ලද අතර යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවලට එය බාධාවක් නොවනු ඇතැයි විශ්වාස කරන බව අමෙරිකානු නිලධාරියෙකු සඳහන් කරයි.

මූලික ප්‍රහාර මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට පිහිටි ගුවන් ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කර ඇති බවත් එම ප්‍රහාර තවදුරටත් සිදු විය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් මිල ටිකක් ඉහළ⁣ට

බොරතෙල් මිල ටිකක් ඉහළ⁣ට

අද (10) දින ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වැඩිවීමකි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමකි.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 3.98ක පහළ යාමකි.

මහ බැංකුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මහ බැංකුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ.

නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත.

PTA පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

PTA පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

මර්දනකාරී නීති සහ අණපනත් උපයෝගී කරගනිමින් රට පාලනය කිරීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ මෙම පනත මුළුමනින්ම අහෝසි කර දැමීමට කටයුතු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අධිකරණ අමාත්‍යවරයාද දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි, මෙම පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ සියලුම මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

රටේ ජනතාව ලබාදී ඇති ශක්තිමත් මහජන බලය මත විශ්වාසය තබමින්, ඉදිරි කෙටි කාලය ඇතුළත මෙම පනත අහෝසි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට දුන් නියෝගය

බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට දුන් නියෝගය

රුපියල් කෝටි 3.5ක මුදලක් හොරණ රාජ්‍ය බැංකුවකින් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ එම බැංකුවේ සහකාර කළමනාකරු අද (09) දින හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම බැංකුවේ සහකාර කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (23) වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොදු දේපළ පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

එනිසා සිද්ධියට අදාළ බැංකුවේ කාර්යපටිපාටිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය බව කියන මුදල් හා බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල් අතර සම්බන්ධතාව සොයා බැලීමට අධිකරණය නියෝග කර ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 85ක දැවැන්ත මංකොල්ලයක් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

අමෙරිකානු ඩොලර් මිලියන 85ක දැවැන්ත මංකොල්ලයක් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

ජාවාරම්කරුවන් පිරිසක් විසින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය අවභාවිත කර අමෙරිකානු ඩොලර් මිලියන 85කට අධික දැවැන්ත මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) දින පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කරයි.

රවි කරුණානායක පසුගිය 2017 වසරේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ විනිමය හුවමාරු පනත සංශෝධනය කරමින්, ‘විනිමය පාලන වැරදි’ මුදල් විශුද්ධිකරණ පනතෙන් ඉවත් කිරීම හේතුවෙන් පසුගිය කාලය පුරා මෙම මූල්‍ය අපරාධ බහුල වීමට සෘජුවම බලපා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය 2025 වසරේ ඔක්තෝබර් (22) වැනිදා පෑලියගොඩදී රුපියල් කෝටි 3ක සැකකටයුතු මුදලක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා විසින් මෙම නඩුව අලුතින් පිහිටුවන ලද මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමෙන් පසු මහා පරිමාණ වංචාවක් අනාවරණය කරගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ විමර්ශන තුනක් හරහා මෙම මහා පරිමාණ ජාවාරමේ තොරතුරු හෙළි වී ඇති බවත් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ පෞද්ගලික සමාගමක් විසින් අවස්ථා 953කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය හරහා රුපියල් කෝටි 1,289ක මුදලක් විදේශ රටවල් 26ක පිහිටි සමාගම් 256ක් වෙත යවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ හරහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 42.7ක් රටින් පිටකර තිබුණද, කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බවත් මෑතකදී සිදුවූ රුපියල් බිලියන 13ක NDV මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මෙම ගනුදෙනු හරහා රටින් පිට කර ඇති බවත් දැනට එම සමාගමේ මහජන බැංකුව සහ සම්පත් බැංකුවේ ගිණුම් අක්‍රිය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තවද 2023 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව කළ පැමිණිල්ලක් මත විමර්ශනය සිදුවන බවත් එහිදී බැංකු 13ක පවතින ගිණුම් 227ක් හරහා TT අවස්ථා 26,108ක් භාවිත කරමින් මහා පරිමාණයෙන් ඩොලර් පිටරට ප්‍රේෂණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති අතර එහි විශේෂත්වය වන්නේ එම සමාගම් 105ම පිටුපස සිටින්නේ එකම කණ්ඩායමකට අයත් පුද්ගලයන් 55 දෙනෙකු පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔවුන් මාස 6ක් වැනි කෙටි කාලයකින් සමාගම වසා දමා, ව්‍යාජ පුද්ගලයන් නීත්‍යානුකූල ලෙස හුවා දක්වමින් වෙනත් සමාගමක් අරඹමින් මෙම ජාවාරම කර ඇති බවත් ඇතැම් බැංකුවල එකම දිනයක අවස්ථා 14කදී TT සිදුවී ඇති බැවින්, නිලධාරීන්ගේ රාජකාරි වගවීම පිළිබඳවද පූර්ණ පරීක්ෂණයක් අරඹා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

“භයානක තත්ත්වයක්” සලේ වෙනුවෙන් එජාපය පෙරට එයි

“භයානක තත්ත්වයක්” සලේ වෙනුවෙන් එජාපය පෙරට එයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මැලේසියාවේ රැකියාව කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික‍්‍රමසිංහගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස තම සේවය රටට සැපයී බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර සුරේෂ් සලේට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සැලසුම් මෙහෙයවා ඇත්තේ සුරේෂ්⁣ සලේ

පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සැලසුම් මෙහෙයවා ඇත්තේ සුරේෂ්⁣ සලේ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර සිදුවීම් හා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුවීම් සියල්ල සැලසුම් සහගත කුමන්ත්‍රණ බවටත් එම කුමන්ත්‍රණ මෙහෙයවීම තුවාන් සුරේෂ් සලේ සිදුකර ඇති බව මේ වනවි⁣ට අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට යොමු කළ විමර්ශන වාර්තාවක මෙම තොරතුරු සඳහන් කර තිබුණේය.

එම වාර්තාවේ සඳහන් කර තිබුණේ,

“පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර සිදුවීම් හා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුවීම් යන සියල්ල සැලසුම් සහගත කුමන්ත්‍රණ බවටත් එම කුමන්ත්‍රණ මෙහෙයවීම තුවාන් සුරේෂ් සලේ ඇතුළු යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ පූර්ණ අනුදැනුම හා සූක්ෂම සැලසුම් මත දේශපාලනඥයින් පිරිසකගේද සහාය ඇතිව සිදු කර ඇති බවට පැහැදිලි ලෙස අනාවරණය වී ඇත.”

පාස්කු ප්‍රහාරයෙන් මියගිය 278 දෙනාට නැවත ජීවිතය නොලැබෙන බවත් තුවාල ලැබු 500කට අධික පිරිසකට යළිත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවත් අප දන්නා කාරණයකි. එහෙත් යුක්තිය ඉටුවිය යුතුව ඇත.