Advertisements

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

අද (26) දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

පුද්ගලික බසයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බසයේ රියදුරු පලාගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් නාවුල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest