Advertisements
Advertisements

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

LIVE

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට නියමිතය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා දීර්ඝ කරයි.

2 Comments
Most Voted
Newest Oldest