නීති විරෝධී T-56 ගිනිඅවියක් හා උණ්ඩ රැසක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පානදුරේදී අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි විශ්‍රාමික හමුදා සාමාජිකයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත පිංවත්ත පොලිස් වසමට අයත් පානදුර, ගාලු පාර ප්‍රදේශයේ නිවසක් වටලා විශේෂ වැටලීමක් සිදුකර ඇත.
එහිදී නීති විරෝධී T-56 වර්ගයේ ගිනිඅවියක්, පතුරම් ගැබක්, ජීව උණ්ඩ 13ක්, පුහුණු උණ්ඩ 11ක්, යකඩ කඩුවක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු පිංවත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හතාදුර දමිත් දර්ශන සිල්වා නොහොත් ‘පිංවත්තේ පොඩි සුදුවා’ නැමැත්තාගේ සමීපතමයෙකු වන බව සඳහන් වේ.
