රටින් පැන්න අපරාධකරුවන් 43ක් හැංගිලා ඉන්න රටවල් හොයාගත්තා

සංවිධානාත්මක අපරාධකරුවන් 43 දෙනෙකු මේ වනවිට රැඳී සිටින රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති එම පුද්ගලයින් අතරින් 17 දෙනෙකු ඩුබායිහිද, 14 දෙනෙකු ඉන්දියාවේද, තිදෙනෙකු ජපානයේද රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ඉතිරි පුද්ගලයින් රටවල් නවයක රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එම සියලු දෙනාම කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන 233ක් සහ නිල් නිවේදන 92ක් නිකුත් කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද (28) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel