“83 කළු ජූලිය” ගැන හොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇත.

ඒ අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11කින් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇත.

එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා මෙම විශේෂ කාරක සභාව පත්කර ඇත.

එම කාරක සභාව අද (28) දින පාර්ලිමේන්තුවට දැනුම්දෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මේ බව සඳහන් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel