Local news

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 1,433ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 232,752ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උසස් පෙළ සහ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

උසස් පෙළ සහ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් (08) වැනි දින ආරම්භ කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්ක වල පාසල් දෙසැම්බර් (16) වැනි දින ආරම්භ කරන බවද අධ්‍යාපන අමාතයාංශය සඳහන් කරයි.

හිටපු ඇමති සී.බී රත්නායක බන්ධනාගාරයට.!

හිටපු ඇමති සී.බී රත්නායක බන්ධනාගාරයට.!

රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද (02) අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (16) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල වැඩි කරයි.!

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල වැඩි කරයි.!

දිවයින පුරා අවතැන්ව සිටින ජනතාවට යළි සිය නිවාස වලට යාමේදී ඒවා පිරිසිදු කරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් 10,000ක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොරගහකන්ද පාලම කැඩී ඇති පුවත සාවද්‍යයි.!

මොරගහකන්ද පාලම කැඩී ඇති පුවත සාවද්‍යයි.!

පසුගියදා ඇතිවූ දරුණු ආපදා තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන ඇල මාර්ගය වන අඹන් ගඟ මතින් ඉදිකර ඇති පාලම කැඩී ගිය බව බොහෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එම පුවත සාවද්‍ය බව දැනගන්නට ඇත.

එහිදී සිදුව ඇත්තේ අධික ජල පීඩනය හේතුවෙන් පාලමට එහා වූ ඉවුරු කොටස මාර්ගයත් සමඟ කැඩී යාමකි.

පහත චන්ද්‍රිකා ඡායාරූපයේ රතු පැහැති රව්මෙන් දක්වා ඇති ප්‍රදේශය එලෙස මහා මාර්ගයද සමග විනාශ වී තිබේ.

ප්‍රධාන පිට වානේන් නිකුත් කළ අධික ජල දහරාව ගංගාවේ එම ස්ථානයේ ඇති වංගුවක් සහිත කොටසේ ගැටී එම ප්‍රදේශයම ගලවාගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් පාලමට හානියක් සිදුව නොමැති බැවින් මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේ ඇතිවන බව කියන සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

ඉදිරි දින කිහිපයේදී මෙරට තුළ ඇතිවිය හැකි සුළි කුණාටුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 4 සහ 5 යන දෙදින තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, ඉන් විශාල බලපෑමක් සිදුනොවනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

මේ අතර, ජල ගැලීම් පවතින ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ජල ගැලීම්වලින් අනතුරුව විවිධ රෝග ව්‍යාප්ත වීම හමුවේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

නැවත පාසල් ආරම්භ කිරීම ගැන ප්‍රකාශයක්.!

නැවත පාසල් ආරම්භ කිරීම ගැන ප්‍රකාශයක්.!

නැවත පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.

මීට පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් මස (16) වන දින නැවත පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.

එහෙත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් ලංකාවට.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් ලංකාවට.!

විපතට පත් ජනතාව වෙනුවෙන් ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාරදී ඇත. 

සහන බෙදන පුද්ගලයින්ට පොලීසියෙන් දැනුම්දීමක්.!

සහන බෙදන පුද්ගලයින්ට පොලීසියෙන් දැනුම්දීමක්.!

දිවයින පුරා ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් එම ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතු වලට බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

ඇතැම් දිස්ත්‍රික්කවල යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එලෙස පැමිණෙන පිරිසට මෙම තත්ත්වය අවදානම් බව සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සහන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

ආපදා මෙහෙයුම් මැදිරියට කතා කර එම සහන ලබාදීමට කටයුතු කරන ලෙසත් එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළ කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.