Local news

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

අරාබි රාජ්‍යයෙන් දැවැන්ත ආධාර තොගයක්.. තවත් ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩ බසී.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානා දෙකක් මෙරට ආපදාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, තවත් මානුෂීය ආධාර තොගයක් රැගෙන ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය.

මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ තොගයක් මෙලෙස පැමිණි C-17 වර්ගයේ ගුවන් යානා දෙකක රැගෙන විත් තිබිනි.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් නසීර් අල්අමේරි (H.E. Khaled Nasser AlAmeri) මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමුද් අල්ෆාරි (Dr. Hamood Alafari) මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය බාර ගන්නා ලදී.

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා මෙරටට ළගා විය.

මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.

ලංකාව ගොඩගන්න ඇපල් සමාගමෙන් ආධාර.!

ලංකාව ගොඩගන්න ඇපල් සමාගමෙන් ආධාර.!

ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත් වන බව එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වනවිට දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර ඇත.

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

උසස් පෙළ උත්තර පත්‍ර ආරක්ෂිතයි.!

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහතා අවධාරණය කර සිටින්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් ලියූ උත්තර පත්‍රවලට ආපදා තත්ත්වයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම සියලුම උත්තර පත්‍ර ඉතා සුරක්ෂිතව තිබෙන බවත්ය.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ උසස් පෙළ සියලුම උත්තර පත්‍ර මේ වන විට නියමිත ආරක්‍ෂිත ස්ථානවල තිබෙන බවත් ආපදාවට ලක්වී නොමැති ප්‍රදේශවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි සිදුවන බවත්ය.

සෑම දිනයකම විභාගය අවසානයේදී සියලුම උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන බවත් එය වසර ගණනාවක් තිස්සේ නිවැරදිව සිදුවන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟද විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කොට අවධානයෙන් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්.!

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්.!

රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර ඇත.

2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය 
04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
09. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16. මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20. කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය
21. වව්නියාව‍ පරිපාලන දිස්ත්‍රික්කය
22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය

බිඳ වැටුණු සන්නිවේදන ජාලා ගැන දැනුම්දීමක්.!

බිඳ වැටුණු සන්නිවේදන ජාලා ගැන දැනුම්දීමක්.!

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා අනිද්දා දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“නාය යාම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා.

මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා. එහිදී අතුරු ස්ථාන කිහිපයක හැරණු විට අනෙක් ස්ථානවල ෆයිබර් ජාලය හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා.

ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙනවා.

ඉතිරි ප්‍රමාණයෙන් 949ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

කඩිනමින් ටෙලිකොම් කුළුණු වෙත ගොස් ඒවාට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ලැබෙනවා. නොවැම්බර් (28) වනදා මේ ව්‍යසනය ඇති වූ සැනින් ජනතාවට දුරකථන ජාලා සම්බන්ධ කර ගත නොහැකි වුවත් SMS යැවීමේ පහසුකම ඇති කිරීමට අවශ්‍ය තාක්ෂණය අපි සූදානම් කළා. නමුත් 29 වන දින සෑහෙන ප්‍රමාණයක් ෆයිබර් සබදතා සකස් කර ගැනීම නිසා එය අවශ්‍ය වුණේ නැහැ.

දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා.

නමුත් හෙට උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රීක්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවර දැනට තිබෙන 65%ක් වැනි ප්‍රමාණය හෙට උදෑසන වන විට 70%ක් වැනි ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

තම නැදෑ හිත මිතුරන් සමග සබඳතා ඇති කර ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් ජනතාවට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි.

දැන් 80%ට වඩා වැඩි ප්‍රමාණයක් එය නිරාකණය කර තිබෙනවා. අනිද්දා දිනය වන විට එය 100%ක් දක්වා පිළිසකර කර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

නව විශේෂාංග රැසක් සමඟින් අලුත් වු පාර්ලිමේන්තු වෙබ් අඩවිය.!

නව විශේෂාංග රැසක් සමඟින් අලුත් වු පාර්ලිමේන්තු වෙබ් අඩවිය.!

වසර 19 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.parliament.lk) නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර 27.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු විය.

මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා ඇත්තේ 2006 වර්ෂයේදීය.

ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය සිදු කරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙලෙස එළිදක්වන ලදී.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) පුර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන් සිදු කර ඇත.

නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර ඇත.

වෙබ් අඩවියේ “My Parliament” portal නැතහොත් “මගේ පාර්ලිමේන්තුව” ද්වාරය මඟින් සෑම පුරවැසියෙකුටම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබාදී ඇති අතර වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

තවද පාර්ලිමේන්තුව සමග කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා එම කටයුතු පහසු කරගැනීමටද අවස්ථාව පවතී.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ සම්මානලාභී වෙබ් අඩවියක් වන අතර වසර ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ තරඟවලදී “හොඳම රජයේ වෙබ් අඩවිය” සහ “හොඳම බහුභාෂා වෙබ් අඩවිය” ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහා අනාගතයේදී සිදු කළ යුතු වෙනස්කම්ද මේ වන විට සැලසුම් කර ඇත.

විදුලි පාරිභෝගිකයන් 30%කට හානි.. ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට.!

විදුලි පාරිභෝගිකයන් 30%කට හානි.. ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට.!

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 30ක් පමණ බලපෑමට ලක්ව ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

විශාලතම හානිය ඌව පළාතට සිදුව ඇති බවත් මෙම මස (10) වැනිදා වන විට විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට සැළසුම් කර ඇති බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

මෙරට ඉතිහාසයේ දකුණු පළාත හැර සෙසු පළාත් අටේම විදුලි පද්ධතියට දින දෙකක් තුළ සිදුවූ විශාල හානිය යථා තත්වයට පත්කිරීමට විශාල අභයෝගයක් බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

විදුලි පද්ධතිය යථා තත්වයට පත්කිරීමට විශාල ශ්‍රමයක්, ධනයක් සහ උපකරණ අවශ්‍ය බවත් ඉතා ඉක්මණින් පිළියම් සොයා යථා තත්වයට පත්කරන බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් විශාල පරිශ්‍රමයක් දරමින් විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

ඇතැම් සම්ප්‍රේෂණ පද්ධති සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙන බවත් ඇතැම් සම්ප්‍රේෂණ කුළුණු ඇති ප්‍රදේශ වලට ළගාවීම අපහසු තත්වයක් පැවතුණ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මේ බව සඳහන් කරයි.

මිලියන 68කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.!

මිලියන 68කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.!

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් සොයාගෙන ඇත.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකළ මෙම මෙහෙයුමෙන් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 68කට අධික බවට අනුමාන කෙරේ.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.

අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.

මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්වාසීන් පවසති.

අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් ගම්වාසීන් විසින් පස් ඉවත්කරමින් සිටිනා බව සඳහන්.

එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය ගොස් සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සඳහන්.

ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් පැවසෙයි.

ජනපතිගේ ඉල්ලීම් අනුව පාලම් 10 ක්, අධිවේගී බෝට්ටු 15 ක්, ඩ්‍රෝන යානා 10ක් ඇතුළු ආධාර ඉන්දියාවෙන් එවයි.!

ජනපතිගේ ඉල්ලීම් අනුව පාලම් 10 ක්, අධිවේගී බෝට්ටු 15 ක්, ඩ්‍රෝන යානා 10ක් ඇතුළු ආධාර ඉන්දියාවෙන් එවයි.!

ඊයේ (01) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටි ආධාර අද සහ හෙට දිනයන්හිදී ලබා දීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

මහ කොමසාරිස්වරයා මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආධාර අතරට තාවකාලික පාලම් 10 ක්, අධිවේගී මුදා ගැනීමේ බෝට්ටු 15 ක්, සැපයුම් සහ නිරීක්ෂණ ඩ්‍රෝන යානා 10 ක්, චන්ද්‍රිකා දුරකථන 6 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 500 ක් එම ඉන්දීය ආධාරවලට ඇතුළත්